Star Clusters

10 Questions

Settings
Please wait...
Star Quizzes & Trivia

Questions and Answers
  • 1. 
    ගෝලීය තරු පොකුරු
    • A. 

      මන්දාකිණි බාහුවල වැඩි වශයෙන් දක්නට ඇත

    • B. 

      මුලින්ම හඳුනාගත් ගෝලීය තරු පොකුර M45 ය

    • C. 

      තරුණ තාරකා වලින් සමන්විත් වේ

    • D. 

      මුල් කාලීන ගෝලීය තරු පොකුරු සියල්ල ක්ෂීර පථ මන්දාකිණියට අයත් ඒවාය

  • 2. 
    ගෝලීය තරු පොකුරු
    • A. 

      උපයෝගී කරගෙන ක්ෂීරපථයේ, සුර්යයාගේ පිහිටීම සොයා ගැනුනි

    • B. 

      තාරකා 1000කින්පමණසමන්විතවේ

    • C. 

      දැනට අප මන්දාකිණියේ 1500ක් පමණ සොයාගෙන ඇත

    • D. 

      ඉලිප්සාකාර මන්දාකිණි වල දක්නට නොමැත

  • 3. 
    ක්ෂීරපථයේ ගෝලීය තරු පොකුරු
    • A. 

      සමහරක් වෙනත් මන්දාකිණිවලින් අත්පත් කරගත් ඒවාය

    • B. 

      මන්දාකිණියේ භ්‍රමණ දිශාවටම ගමන් කරයි

    • C. 

      ඉතා කෙටි කලකින් විනාශ වී යයි

    • D. 

      තාරකා වල බැර ලෝහ මට්ටම සූර්යයාට වඩා ඉහලය

  • 4. 
    ගෝලීය තරු පොකුරු පිළිබඳ වැරදි ප්‍රකාශය
    • A. 

      නීහාරිකා බහුලව දක්නට ඇත

    • B. 

      අයත් ග්‍රහලෝක කක්ෂ ඉතා අස්ථායි වේ

    • C. 

      තාරකා එකම පරිණාමික අවස්ථාවක පවතී

    • D. 

      විශාල ගෝලීය පොකුරු අතීතයේ දී කුඩා මන්දාකිණි (Dwarf galaxy)ලෙස පැවතිණි

  • 5. 
    ගෝලීය තරු පොකුරු පිළිබඳ වැරදි ප්‍රකාශය
    • A. 

      ඇතැම් පොකුරු මධ්‍යයේ කළු කුහර ඇත

    • B. 

      තරු ගැටීමෙන් නව තාරකා වර්ග බිහිවේ

    • C. 

      ඝනත්වය අනුව වර්ග 12 කට බෙදා ඇත

    • D. 

      ඇතැම් තරු පොකුරුවල අලුතෙන් තාරකා සෑදෙමින් පවතී

  • 6. 
    ගෝලීය තරු පොකුරු සමඟ සැසඳීමේදී, විවෘත තරු පොකුරු
    • A. 

      වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇත

    • B. 

      වඩා වැඩි කලක් පවතී

    • C. 

      මහළු තාරකා වලින් යුක්තය

    • D. 

      මන්දාකිණි වළාව (Halo) පුරා දක්නට ලැබේ

  • 7. 
    විවෘත තරු පොකුරු වල තාරකා
    • A. 

      සියල්ල එකම වායු වළාවකින් සෑදී ඇත

    • B. 

      සියයකට වඩා වැඩි නොවේ

    • C. 

      දෘෂ්‍ය මායාවක ප්‍රථිඵලයකි

    • D. 

      බොහෝමයක් ප්‍රධාන පංතියෙන් (main sequence) පිටත පිහිටයි

  • 8. 
    විවෘත තරු පොකුරු
    • A. 

      මන්දාකිණි බාහුවල වැඩි වශයෙන් දක්නට ලැබේ

    • B. 

      තාරකා ගණන සියය නොඉක්මවයි

    • C. 

      පියවි ඇසින් නිරීක්ෂණය කල නොහැක

    • D. 

      තාරකා ඝනත්වය ගෝලීය තරු පොකුරු වලට වඩා වැඩිය

  • 9. 
    හත්දින්න (Pleiades) තරු පොකුර
    • A. 

      ගෝලීය තරු පොකුරකි

    • B. 

      විවෘත තරු පොකුරකි

    • C. 

      දෘෂ්‍ය මායාවකි

    • D. 

      මෙසියර් වර්ගීකරණයේ ඇතුලත් කර නොමැත

  • 10. 
    හත්දින්න තරු පොකුර පිළිබඳ වැරදි ප්‍රකාශය
    • A. 

      වෘෂභ තාරකා රාශියේ පිහිටයි

    • B. 

      මැදිවියේ තාරකා වලින් සමන්විත වේ

    • C. 

      අයත් තාරකා 1000කට වඩා හඳුනාගෙන ඇත

    • D. 

      තරු පොකුර ආශ්‍රිතව පරාවර්තක නීහාරිකාවක් ඇත